
ගිනිකඳු අළු නිසා ජකර්තා ශ්‍රීලන්කන් ගුවන් ගමන් අවලංගුයි
ඉන්දුනීසියාවේ අනක් ක්රකටාවූ ගිනිකන්ද සක්‍රීය වීම හේතුවෙන් අද (07) කොළඹ සහ ජකර්තා අතර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් ගමන් අවලංගු කර තිබේ.
ගිනිකන්දෙන් නිකුත් වූ අළු සහ පාෂාණ ධූලි වායුගෝලයට එක්වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.
UL 364 සහ UL 365 ගුවන් ගමන් අවලංගුයි
ඒ අනුව, කොළඹ සිට ජකර්තා බලා පිටත්වීමට නියමිතව තිබූ UL 364 ගුවන් යානය සහ ජකර්තා සිට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ UL 365 ගුවන් යානය මෙලෙස අවලංගු කර ඇත.
ගිනිකඳු අළු නිසා ගුවන් යානා අවදානමක
ගිනිකඳු අළු සහ සිලිකා අඩංගු පාෂාණ කැබලි වායුගෝලයට එක්වීමෙන් ගුවන් යානා එන්ජින් සහ පාලන පද්ධතිවලට දැඩි අවදානමක් ඇතිවිය හැකි බව සඳහන් වේ.
ඒ හේතුවෙන් ඉන්දුනීසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් ජකර්තාහි සුකර්නෝ-හත්තා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ගුවන්තොටුපොළ කිහිපයක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකාව දෙසටත් ගුවන් මාර්ග සීමා
මීට අමතරව, ශ්‍රී ලංකාව දෙසට දිවෙන බටහිර ගුවන් කොරිඩෝව හරහා සිදුකරන ගුවන් ගමන් සඳහාද සීමා පනවා ඇත.
මේ අතර, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානා දෙකක් ද බලපෑමට ලක්වූ ගුවන් කලාපය මඟහැරීම සඳහා ඊයේ රාත්‍රියේ විකල්ප ගුවන් මාර්ග ඔස්සේ යොමු කිරීමට පියවර ගෙන තිබුණි.



