
ප්රධාන පුවත්
අදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටි වංචාකරු අත්අඩංගුවට
අදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා අදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
එම විමර්ශනවල ප්රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගල්ගමුව ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.
වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, මීට පෙරද සමාන ආකාරයේ මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.



