කාලගුණය

තද සුළං සහ රළු මුහුද ගැන පැය 24ක අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් සම්බන්ධයෙන් පැය 24ක් සඳහා බලපැවැත්වෙන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (29) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (30) පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

එම කලාපවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුද රළු තත්ත්වයට පත්විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 3.0 දක්වා ඉහළ යාමේ අවදානමක් ද පවතින බව නිවේදනයේ දැක්වේ.

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතු කිරීමේදී දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙසත් දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button