
අද විශේෂ
අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සිහිපත් කරන පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
ශ්රී ලංකාවට බුදු දහම දායාද කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකාගමනය සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අද (29) දිනට යෙදී තිබේ.
බෞද්ධ ඉතිහාසයට අනුව, මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ ඉට්ඨිය, උත්ථිය, සම්බල සහ බද්දසාල යන මහ රහතන් වහන්සේලා, සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසකවරයා ශ්රී සද්ධර්මය රැගෙන අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කළේ අද වැනි පොසොන් පුර පසළොස්වක දිනක බව සඳහන් වේ.
එමෙන්ම, දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්රය ශ්රවණය කර තෙරුවන් සරණ ගිය ඓතිහාසික අවස්ථාවද අද වැනි පොසොන් පොහොය දිනයක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.



