
අත්තනගලු ඔයට ගංවතුර අවදානමක් – පහත්බිම් ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවය.
දූනමලේ මිනුම් මධ්‍යස්ථානයේ දත්ත අනුව මේ වනවිට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, ඉහළ ද්‍රෝණි ප්‍රදේශ කිහිපයක මිලිමීටර් 250ට වැඩි වැසි ප්‍රමාණයක්ද ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.
එම තත්ත්වය හේතුවෙන් ගම්පහ, කටාන සහ වත්තල ඇතුළු පහත්බිම් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දී තිබේ.
තවද ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ත් 300ත් අතර ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව සඳහන් කළ ඉංජිනේරුවරයා, ඉදිරි කාලයේ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ප්‍රකාශ කළේය.



