
නිරිතදිග මෝසම සක්‍රීයයි – ප්‍රදේශ රැසකට මි.මී. 200 ඉක්මවූ තද වැසි අනතුරු ඇඟවීමක්
නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල මේ වනවිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළද අඛණ්ඩව පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ලැබිය හැකි අතර, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද දැනුම්දී ඇත.
උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන අතර, ඌව පළාතේ මෙන්ම මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්ය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 35ත් 45ත් අතර තරමක තද සුළං හමනු ඇති බවට අනාවැකි පළකර තිබේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



