ප්‍රධාන පුවත්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ උණ අවදානම මැද රැඳවියෙකු මියයයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත රෝගී තත්ත්වයෙන් පසුවූ එම රැඳවියා අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ අතර, ඊයේ (21) දිනයේදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා 45 හැවිරිදි රැඳවියෙකු බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේවෙතත්, මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ එක් වාට්ටුවක උණ රෝගී තත්ත්වයක් පැතිර යමින් පවතින බවද වාර්තා වෙයි.

උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ රැඳවියන් 8 දෙනෙකු මුලින් අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති අතර, පසුව වැඩිදුර නේවාසික ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර තිබේ.

මියගිය රැඳවියාගේ මරණය සහ බන්ධනාගාරය තුළ පැතිර යන උණ රෝගය අතර සම්බන්ධතාවයක් තිබේද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button