ප්‍රධාන පුවත්

අගය එකතු නොකළ ඛනිජ අපනයනයට තහනමක්

වසර 27කට පසු යාවත්කාලීන කරන ලද ජාතික ඛනිජ ප්‍රතිපත්තිය ජූනි 11 වැනිදා සිට බලාත්මක කර ඇති අතර, ඒ අනුව අගය එකතු කිරීමකින් තොරව ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම තහනම් කර තිබේ.

නව ප්‍රතිපත්තිය යටතේ ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් කිරීම, සැකසීම සහ අගය එකතු කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය නියාමනය කිරීමට පියවර ගෙන ඇත.

ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, මෙරට ඛනිජ සම්පත් බොහොමයක් දිගු කලක් තිස්සේ අමුද්‍රව්‍ය ලෙස විදේශ වෙළෙඳපොළට යොමු කර ඇති අතර, ඒවායෙන් ලබාගත හැකි ඉහළ ආර්ථික වටිනාකම රටට හිමි වී නොමැති බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,

”අපේ ඛනිජ සම්පත් සියල්ලම වගේ අපනයන වෙළඳපොළට ගිහිල්ලා තියෙන්නේ අමුද්‍රව්‍ය හැටියට. මේවායින් එකතු විය හැකි ඇත්ත ඩොලර් වටිනාකම රටේ ජාතික ආර්ථිකයට එකතු වුණේ නැහැ. අපි ටොන් එකක් ඩොලර් 2,000කට අපනයනය කරොත් උදාහරණෙකට ඛනිජ වර්ගයක එක කිලෝ එකක් ඩොලර් 20,000ක අගයකට වර්ධනය කරන්න පුළුවන් මට්ටමේ ඒවා තමයි අපි ඩොලර් 2000ක ආදායම ලබලා තියෙන්නේ. සර්කොන්, ගානට්, සිලිකන්, වාර්ස්, ටයිටේනියම් මේ ඕන දෙයක් එහෙම තමයි වෙලා තියෙන්නේ. දශක ගණනාවක් තිස්සේ යාවත්කාලීන නොවිච්ච ප්‍රතිපත්ති තත්ත්වයන් නිසා හුඟාක් වෙලාවට ගවේෂණ බලපත්‍රවලට විතරක් මේ ඛනිජ සම්පත් සීමා වෙලා තිබුණා. ගවේෂණය, කැණීම් කිරීම, සකස් කිරීම, අගය එකතු කිරීම ඒ කියන්නේ මේ ක්‍රියාවලිය නියාමනය කරන්න. මෙය දැන් කැබිනට් මණ්ඩලය අනුමත කරලා අවසානයි. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ජූනි මාසෙ එකොළොස් වෙනිදා ඉඳලා නව ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙනවා. ”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button