
කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්තයේ හිටපු නායක කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.
එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අතරතුර මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව ඉදිරි දෙවන හා තෙවන ටෙස්ට් තරග සඳහා ඔහු සහභාගී නොවනු ඇත.
2024 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් මධ්‍යම ගිවිසුමෙන් ඉවත් වූ විලියම්සන්, ලීග් ක්‍රිකට් තරගවලට වැඩි අවධානය යොමු කරමින් තෝරාගත් ජාත්‍යන්තර තරග සඳහා පමණක් ක්‍රීඩා කර තිබිණි.
ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 110කට ක්‍රීඩා කර ලකුණු 9,515ක් රැස්කර ඇති අතර, එක්දින ජාත්‍යන්තර තරග 175කදී ලකුණු 7,256ක් ලබාගෙන තිබේ.
තවද විස්සයි20 ජාත්‍යන්තර තරග 93කදී ලකුණු 2,575ක් රැස් කරමින් නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ කැපී පෙනෙන පිතිකරුවෙකු ලෙස ඔහු සිය නාමය සටහන් කර ඇත.



