
ප්රධාන පුවත්
නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට
නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
ඒ, මහත් ආන්දෝලනයකට තුඩුදුන් එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුකරයේ සැකකරුවෙකු ලෙස ඔහු නම් කර තිබීම හේතුවෙනි.
මීට පෙර කොටුව මහෙස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට රැගෙන විත් ඇති බව වාර්තා වේ.
අදාළ නඩුකරය අද (16) කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.



