
ශිරන්ති රාජපක්ෂ FCID කැඳවීම ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කර තිබේ.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් FCIDය යළි විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැප්තැම්බර් 24 වැනිදා පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ දැනුම්දීම තංගල්ල කාල්ටන් නිවසට සිදුකර තිබූ අතර, එම අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති බවද පොලීසිය පවසයි.
ඊයේ දිනයේ ප්‍රතිකාර අවසන් කිරීමෙන් අනතුරුව ඇය සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා රෝහලේ සිට කෙලින්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් තිබේ.
එහිදී සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස වන දැනුම්දීම නිලධාරීන් විසින් ඇයට සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ දැනුම්දීම ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඥාතියෙකු වන ඈන් ලිවේරා මහත්මිය විසින් භාරගෙන ඇති බවද පොලීසිය පවසයි.
ඉන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සාමාන්‍ය ගුවන් මගියෙකු ලෙස අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.



