
ප්‍රධාන පුවත්
දිලිත් ඇතුළු 6 දෙනාගේ නඩුව යළි කැඳවයි
දිලිත් ඇතුළු 6 දෙනාගේ නඩුව අද ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළි කැඳවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.
නඩුවට අදාළ ලිපිලේඛන සහ තොරතුරු නම් කරන ලද පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දී තිබේ.
එම ලිපිලේඛන හා තොරතුරු සම්බන්ධයෙන් සිදුව ඇති ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව ඔක්තෝබර් 15 වැනිදා උදෑසන යළි කැඳවීමට නියමිතය.
තවද, නම් කරන ලද පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට කරුණු දැක්වීම සඳහා නඩුව ඔක්තෝබර් 23 වැනිදා පස්වරුවේ යළි කැඳවීමට නියමිත බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත.



