
වගාකරුවන්ට පොල් වගා හානි සඳහා රක්ෂණයක් හෝ වන්දි
පොල් වගා හානි වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවැනි රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එහිදී පොල් වගාවට බලපා ඇති සුදු මැස්සා උවදුර ඇතුළු වගාකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු වී ඇත.
පොල් වගාවට සිදුවන හානි සඳහා මේ වනවිට විධිමත් වගා වන්දි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, ඉදිරියේදී පොල් වගාවට සිදුවන හානි ආවරණය වන පරිදි රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ක්‍රමවේදයක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
වතු ආශ්රිත ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අදාළ නිලධාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමද අවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
මේ අතර, අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “තැඹිලි ගම්මාන 250” වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් හැකි සෑම ප්රදේශයකටම ව්‍යාප්ත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර ඇත.



