
උණුසුම් පුවත්
රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ අංක 11 මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.



