
ගම්මන්පිලට එරෙහි නඩුවෙන් ගම්මන්පිල නිදොස් කොට නිදහස්
රුපියල් මිලියන 21ක සමාගම් කොටස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පවරා තිබූ ගම්මන්පිලට එරෙහි නඩුව විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අදාළ චෝදනාවලින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කරමින් රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට ගම්මන්පිල මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කර ඇත්තේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නොහැකි වී ඇති බවයි.
ඒ අනුව උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් මහතාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණේ යහපාලන රජය සමයේදීය.



