සෞඛ්‍යය

මෙරට ඩෙංගු රෝගීන් ගණන 90,000 පනී

මෙරට ඩෙංගු රෝගීන් ගණන මේ වන විට 90,306ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. වසරේ මේ දක්වා කාලය තුළ මෙම රෝගීන් සංඛ්‍යාව හඳුනාගෙන තිබේ.

දිවයින පුරා ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 65ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ.

වසරේ මාසයක් තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි. අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් රෝගීන් 4,959 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96ක් වන 47,824 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. දකුණු පළාතෙන් රෝගීන් 13,361ක්ද, මධ්‍යම පළාතෙන් 8,027ක්ද වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි රෝගීන් 19,204 දෙනෙකු හඳුනාගෙන ඇත. කොළඹින් 17,955ක්, මහනුවරින් 6,413ක්, මාතරින් 5,971ක් සහ කළුතරින් 5,871ක් ලෙස රෝගීන් වාර්තා වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button