ප්‍රධාන පුවත්

වැසි නොමැතිව ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවක

වැසි නොමැතිව ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින අතර, උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල හිඟයද උග්‍ර වී තිබේ.

ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට ගොවිතැන් කටයුතු පවත්වාගෙන යාම පවා දුෂ්කර වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් කුඹුරු වගාවන් විනාශ වීමට පටන්ගෙන ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ද ජල හිඟය හේතුවෙන් අස්වනු වලට දැඩි හානි සිදුව ඇති බව පෙන්වා දෙයි.

කෙසේවෙතත්, එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලට පෙර අදාළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button