ප්‍රධාන පුවත්

සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරු අද (25) කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පැවැත්වෙන දෙවනවර කියවීමේ විවාදයේ අවසන් දිනය අද වන අතර, ඒ පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ කෙරුණු අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් දෙවනවර කියවීම සඳහා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදය ආරම්භ විය.

මේ අතර, අදාළ පනත් කෙටුම්පත්වලට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ඊයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක් ද පැවැත්වීය.

“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ පැවති එම විරෝධතාවට කළු පටි පැළඳගත් පිරිසක් එක්ව සිටියහ.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයන් රැසක් ද ඊට සහභාගී වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button