
ඊමේල් හරහා සයිබර් ප්‍රහාරයක්: මුදල් අමාත්‍යාංශයෙන් ඩොලර් බිලියන 2.5ක් අහිමි – යළි ලබාගැනීමට වෑයම්
සයිබර් අපරාධකරුවන් විසින් සිදුකළ ප්‍රහාරයකින් මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් අහිමිව ඇති අතර, එයින් හැකි ප්‍රමාණයක් නැවත ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා ප්‍රකාශ කළේය.
අද (23) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම සයිබර් ප්‍රහාරය ඊමේල් මාර්ගයෙන් පද්ධතියට අනවසරයෙන් ඇතුළුවීමක් ලෙස සිදු වී ඇති බවයි.
මෙම සිදුවීම පිළිබඳව අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇති අතර, ඔස්ට්‍රේලියානු තානාපතිවරයා සහ ණය ලබාදුන් පාර්ශවයද මේ සම්බන්ධයෙන් අවධානයට ලක් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, අහිමි වූ මුදල් යථා තත්ත්වයට පත් කර ගැනීමට අදාළ ආයතන සමඟ එක්ව කටයුතු කරමින් පවතින බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
“ජනවාරි මාසයේදී අපිට දැනගන්නට ලැබුණු සයිබර් අපරාධකරුවන් පද්ධතියට ඇතුළු වෙන්න උත්සහා කරන බව. මේ ගැන තොරතුරු වාර්තා වුණාම, අදාළ විදේශ රටවල් සම්බන්ධ කරගෙන උත්සහා කරපු රටට හානියක් වෙන්න දුන්නේ නැහැ. ඒක විසඳුවා. අපිට අවශ්‍යතාවය තිබුණා, ජනවාරි මාසයේ එහෙම දෙයක් කරන්න හැඟුණාට මීට පෙරත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා තමයි පසුගිය ගෙවීම් ගැන හොයලා බලන්න අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කළා. ඒ අනුව කාලයක් ගත්තා. ඒ වෙලාවේදී තමයි පසුගිය ගෙවීමකට හැකර්වරුන්ගේ ක්‍රියාකාරීත්වය පසුගිය ජනවාරි මාසයෙත් සිදුවෙලා තිබුණා කියලා අනාවරණ වුණේ.”



