
පොත් වැට් බද්දට අයවැයෙන් සහනයක්?
පොත් වැට් බද්ද සම්බන්ධයෙන් ඉදිරි අයවැය තුළින් වෙනසක් සිදුකිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව දැනට පොත් සඳහා පනවා ඇති වැට් බද්ද සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් සහනයක් ලැබෙනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) උදෑසන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද වෙනස් කිරීම සම්බන්ධයෙන් හැකි උපරිමයෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.
“ජනාධිපතිතුමා කතාකරලා කිව්වා උපරිම උත්සාහ ගන්නවා සහ හැකිවෙයි කියලා එළඹෙන අයවැය තුළින් පොත් වෙනුවෙන් දැනට පනවා තිබෙන වැට් බද්දට වෙනසක් කරන්න. ඒ බලාපොරොත්තුව දෙන්න කියලා කියන්න කිව්වා” යැයි ඇය පැවසීය.
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.



