අධ්‍යාපන

සාමාන්‍ය පෙළ අයදුම්පත් අවසන් දිනය මෙන්න

සාමාන්‍ය පෙළ අයදුම්පත් අවසන් දිනය ජූලි 23 වනදා වන අතර, එම කාලසීමාව කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.

ඒ අනුව 2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සියලු අයදුම්කරුවන් ජූලි 23ට පෙර මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් මඟින් දැනුම්දී ඇත.

ජාතික හැඳුනුම්පත මෙතෙක් ලබාගෙන නොමැති පාසල් අයදුම්කරුවන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති බවද සඳහන් වේ.

එමෙන්ම ජාතික හැඳුනුම්පතක් නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත ඉදිරිපත් කළ හැකි අතර, ජාතික හැඳුනුම්පත නොමැති වීම විභාගයට අයදුම් කිරීමට බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වැඩිදුර තොරතුරු සඳහා 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 011 2784537, 011 2786616, 011 2784208 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකි බවද දැනුම්දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button