අධ්‍යාපන

2027 පළමු ශ්‍රේණි ඇතුළත් කිරීම් සඳහා නව චක්‍රලේඛයක්

2027 වර්ෂයේ සිට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා නව උපදෙස් සහ විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජයේ පාසල්වල පළමු ශ්‍රේණි ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් සෑම වසරකම චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලබන අතර, අධ්‍යාපනය සඳහා සමාන හා සාධාරණ අවස්ථා තහවුරු කිරීම, ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය වර්ධනය කිරීම සහ අක්‍රමිකතා අවම කිරීම මෙම නව සංශෝධනවල ප්‍රධාන අරමුණු ලෙස දක්වා ඇත.

මෙම නව චක්‍රලේඛය සකස් කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන් විසින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා මෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කරුණුද සැලකිල්ලට ගෙන තිබේ.

ඒ අනුව, 2027 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා නව උපදෙස් මාලාවක් නිකුත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button