උණුසුම් පුවත්

තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් 22ක යලි රිමාන්ඩ්

තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට චෝදනා ලැබූ චීවරධාරීන් 22 දෙනෙකු මැයි 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (02) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

අදාළ සැකකරුවන් පිරිස ඉකුත් අප්‍රේල් 25 වනදා තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබුණේ, කුෂ් සහ හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟිනි.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, මෙම ජාවාරම පිටුපස අමිතානන්ද නමැති චීවරධාරියෙකු සිටින බවට තොරතුරු අනාවරණ වී තිබේ.

ඒ අනුව, ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අදාළ චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

මීට පෙරද ඔහුගේ සම්බන්ධීකරණයෙන් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, ඊට සහාය ලබාදුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දින 7ක කාලයක් රඳවාගෙන සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button