ප්‍රධාන පුවත්

මහින්දානන්ද පදනමේ දේපළ දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදෙයි

මහින්දානන්ද අලුත්ගමගේ පදනමට අයත් නිෂ්චල සහ චංචල දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

වසර 20කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ගිය මෙම පදනම, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ස්ථාපිත කර තිබුණි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී, මහින්දානන්ද පදනම සහ ඒ ආශ්‍රිත භූමිය මාසයක් ඇතුළත නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව අද (02) පෙරවරුවේ මහින්දානන්ද පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා විසින්, එම ගොඩනැගිලි සහ භූමිය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

අදාළ ඉඩම ඉදිරියේදී ජනතා ප්‍රයෝජනය සඳහා මහජන පොළ භූමියක් ලෙස සහ වෙනත් ආයතනික කටයුතු සඳහා භාවිත කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button