
ප්‍රධාන පුවත්
අකුරණේ මාරක රිය අනතුරක් – සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි
අකුරණේ මාරක රිය අනතුරින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කුරුගොඩ හන්දිය ආසන්නයේදී සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් තවත් වාහන කිහිපයක ගැටීමත් සමඟ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු ද සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයේ ගැටී ඇති බව වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුර තොරතුරු අනාවරණය කර තිබේ.



