
කාවන්තිස්ස හස්තියාගේ වෙඩි තැබීම ගැන තවත් සැකකරුවන් 5ක් කොටු වෙයි
කාවන්තිස්ස හස්තියාගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අතරතුර තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
පරිසර අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පොලිසිය එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හස්තියාට වෙඩි තැබීමේ ප්‍රධාන සිදුවීමට සෘජුවම සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද අමාත්‍යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිසගෙන් වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලිසිය මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.
වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනිඅවි සොයා ගැනීමට අමතරව, වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන පුළුල් කර ඇති බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



