
ප්‍රධාන පුවත්
ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් වන වේලාව ගැන ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
ගෑස් සැපයුම අද (19) සවස් කාලයේ සිට යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි. ඒ සඳහා අවශ්‍ය ගෑස් තොග රැගත් නෞකාවක් මෙරටට පැමිණීමත් සමඟ බෙදාහැරීමේ කටයුතු වේගවත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගෙන පැමිණි FRANCOIS නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවට ළඟා වී ඇති බව සමාගම සඳහන් කළේය. එහි ගෑස් ගොඩබෑම සඳහා අවශ්‍ය කටයුතු ද සූදානම් කර ඇත.
අඛණ්ඩව ගෑස් තොග ලැබීමත් සමඟ දිවයින පුරා බෙදාහැරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට හැකි වනු ඇති බව ලිට්රෝ සමාගම විශ්වාසය පළ කරයි. ඒ අනුව වෙළෙඳපොළට ගෑස් සැපයීම සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂිතය.
මේ අතර, පසුගිය 16 වැනිදා සිට 18 වැනිදා දක්වා දින තුනක කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ද සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.



