උණුසුම් පුවත්

ඉෂාරා සෙව්වන්දි ලබන 21 දක්වා යළි රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, ඇය අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර, විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් වූ වාර්තාවක් ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button