
උණුසුම් පුවත්
ඩේසි ෆොරස්ට් මුදල් විශුද්ධීකරණ නඩුවෙන් නිදහස් – කොළඹ මහාධිකරණ තීරණයක්
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ලව තිබූ මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය නඩු විභාගයෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.
ඇය නඩු විභාගයකට මුහුණදීමට මානසිකව සුදුසු තත්ත්වයක සිටිනවාද යන්න සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මඟින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ අතර, විත්තිකාරියට නඩු විභාගයකට මුහුණදීමට අවශ්‍ය මානසික සුදුසුකම් නොමැති බව වෛද්‍ය නිර්දේශ කර ඇති බව අධිකරණයට දන්වා ඇත.
සමස්ත කරුණු සලකා බැලූ විනිසුරුවරයා, ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා වලින් ඇය නිදහස් කිරීමට තීරණය කළේය.



