ප්‍රධාන පුවත්

පෘතුගාලයෙන් ශ්‍රී ලංකා පෞරාණික වස්තු ආපසු ලබාගැනීමට ඒකාබද්ධ කමිටුවක්

පෘතුගීසි පාලන සමයේ ශ්‍රී ලංකාවෙන් ගෙනගිය පෞරාණික වටිනාකම් සහිත වස්තු නැවත ලබාදීම පිළිබඳව මූලික අධ්‍යයනයක් ආරම්භ කිරීමට Paulo Rangel මහතා එකඟතාව පළ කර ඇත.

එම එකඟතාව පළවූයේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති නිල සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වස්තු නැවත හිමි කර ගැනීම සම්බන්ධයෙන් විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාව පිළිගනිමින්, ඒ පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීමට ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල විදේශ අමාත්‍යවරයා එකඟ වී තිබේ.

තවද, දෙරට අතර දැනටමත් අත්සන් කර ඇති සංස්කෘතික ගිවිසුම ක්‍රියාත්මක කරමින් අදාල සාකච්ඡා ඉදිරියට ගෙන යාම පිළිබඳවද අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අතර, පෘතුගාල වීසා ලබාගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට නවදිල්ලිය වෙත ගමන් කිරීමට සිදුවන අපහසුතාවය පිළිබඳව ද විජිත හේරත් මහතා කරුණු උද්ධත කර ඇති අතර, ඒ සඳහා පහසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව සොයාබැලීමට Paulo Rangel මහතා පොරොන්දු වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button