ප්‍රධාන පුවත්

SDIG වරුණ ජයසුන්දරගේ පෙත්සම් විභාගය අභියාචනාධිකරණය අවසන් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ විභාගය අභියාචනාධිකරණය විසින් අද (17) අවසන් කර තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ එය කැඳවනු ලැබීය.

නඩු විභාගයේදී නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ, මේ අවස්ථාවේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු තීරණයක් නොමැති බවය. එමෙන්ම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර ඇත්තේ, පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථාන මාරු නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව නීතිපතිවරයා ලබාදුන් ප්‍රතිඥාවද සැලකිල්ලට ගනිමින්, පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button