
ප්‍රධාන පුවත්
ජූනි 20 සිට නානුඔය – බදුල්ල දුම්රිය සේවාව යළි ඇරඹේ
දිට්වා සුළි කුණාටුවෙන් හානි සිදුවූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා මගී දුම්රිය ධාවනය එළැඹෙන ජූනි 20 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබේ.
අද (17) හැටන් ලංගම ඩිපෝවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මේ බව සඳහන් කළේය.
දැනට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය බදුල්ල සහ අඹේවෙළ අතර පමණක් සීමා කර ඇති අතර, කුණාටුවෙන් හානි වූ මාර්ග කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වේගයෙන් සිදුකරමින් පවතින බවද ඔහු පැවසීය.
එම ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, සැප්තැම්බර් මාසයේ සිට නාවලපිටිය සිට බදුල්ල දක්වා සම්පූර්ණ මගී දුම්රිය සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



