ප්‍රධාන පුවත්

RMV සේවා සඳහා Online වේලාවක් වෙන්කර ගැනීම සඳුදා සිට යළි ඇරඹේ

RMV සේවා සඳහා මාර්ගගත වේලාවක් වෙන්කර ගැනීමේ පහසුකම එළැඹෙන සඳුදා (02) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

RMV සේවා සඳහා Online වේලාවක් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මකයි

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සඳහා මීට පෙර ක්‍රියාත්මක වූ මාර්ගගත හමුවීම් වෙන් කිරීමේ ක්‍රමවේදය මෙලෙස නැවත ආරම්භ කෙරේ.

ඒ අනුව මෝටර් රථ ලියාපදිංචි කිරීම, වාහන හිමිකාරිත්වය පැවරීම සහ තාක්ෂණික ගැටලු සම්බන්ධ සේවාවන් ඇතුළු කටයුතු සඳහා කලින් වේලාවක් වෙන්කර ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.

මෙම පහසුකම භාවිත කර හමුවීම් වෙන්කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ නිල මාර්ගගත පද්ධතියට පිවිසිය හැකිය.

ඒ සඳහා https://dmtappointments.dmt.gov.lk/ යන වෙබ් ලිපිනය භාවිත කරන ලෙසද දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button