ප්‍රධාන පුවත්

QR කේත භාවිතා පැමිණිලි 1,000ක් – වංචනිකයන් සොයා මෙහෙයුම්

වෙනත් පුද්ගලයින්ගේ QR කේත භාවිතා කරමින් ඉන්ධන ලබාගැනීමේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 1000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශයේ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා පැවසුවේ, ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය සමඟ එක්ව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම පැමිණිලි අතරට අත්වැරදීම් හෝ නොදැනුවත්කම හේතුවෙන් වෙනත් අයෙකුගේ QR කේත භාවිතා කර ඉන්ධන ලබාගත් සිද්ධීන් ද ඇතුළත් වන බවයි.

ලැබුණු පැමිණිලි අතරින් 150කට අධික සංඛ්‍යාවක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පොලීසිය වෙත යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසීය.

තවද, ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරමින් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකරමින් සිටින බව ද සඳහන් වේ.

මේ අතර, QR කේතය ලබා ගැනීම සඳහා මේ වනවිට මිලියන 6කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button