
යුද්ධ සහ ගැටුම්
ඉරාන IRGC නාවික හමුදාපති අලිරේසා තංසීරි ඝාතනය කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංසීරි (Alireza Tangsiri) මිය ගොස් ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, බන්ඩර් අබ්බාස් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන් වේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාව ඉදිරිපත් කළේ තංසීරි බවයි. එම ප්‍රහාරයෙන් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ද මිය ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත්, මෙම සිද්ධිය පිළිබඳව ඉරානය මේ වනතෙක් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
අලිරේසා තංසීරි 2018 වසරේදී IRGC නාවික හමුදාපති ලෙස පත් වූ අතර, එයට පෙර 2010 වසරේ සිට නියෝජ්‍ය නාවික හමුදා ප්‍රධානියා ලෙස සේවය කර ඇත.



