
O/L සමත් සිසුන් 300කට ඉන්දිය ආධාර
14 වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අමතමිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසූවේ බලාපොරොත්තු වන වෙනස තමන් තුළින්ම ආරම්භ කළ යුතු බවය.
මෙහිදී 2020/21 වර්ෂයන් අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ තෝරාගත් සිසුන් 300 දෙනෙකුට මූල්‍ය සහාය ලබාදීම සිදු කෙරිණි.
එහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය,
“අපි වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් වෙනස ආරම්භ වෙන්න ඕනේ අපි තුළින්. අපි වෙනස්වෙලා තමයි, අපි බලාපොරොත්තු වෙන වෙනස ලබාගන්න පුළුවන් වෙන්නේ.
ඒ වෙනසේ, ඔබ නායකත්වය ගන්න. ඒ වෙනස සිද්ධ කරන්න නම් ඒ වෙනස ඔබ තුළින් පටන් ගන්න වෙනවා. ඔබ මොන වගේ රටක් ද නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නේ. ඔබ මොන වගේ සමාජයක් තුළ ද ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ, ඔබ බලාපොරොත්තු වෙන වෙනස ඔබ තුළ තියෙනවා ද කියලා අපි මුලින් හිතලා බලන්න ඔනේ.
ඒ වෙනස වෙනුවෙන් පෙනී ඉඳලා තමයි අපිට සමාජයත්, රටත්, ලෝකයත් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මේ මොහොතේ අපේ අධ්‍යාපන පද්ධතිය තුළ ආර්ථිකයේ හැම අතින්ම පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වැඩ කරමින් ඉන්න මොහොතක්.”



