
රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ
එක්සත් ජාතික පක්ෂයේ (එජාප) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (11) පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගේ බහුතර සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එජාපයේ ප්‍රතිචාරය සහ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම පක්ෂය යළි ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංවිධානය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද වැදගත් යෝජනා හා අදහස් රැසක් ඉදිරිපත් වී තිබේ.
අනෙකුත් දේශපාලන පක්ෂ, විවිධ බලවේග සහ සිවිල් සංවිධාන සමඟ ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවද කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් දැනුවත් කර ඇත.
රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ, තනි තනිව කටයුතු කරනවාට වඩා විවිධ බලවේග එක්කර ගනිමින් ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදීම කාලෝචිත අවශ්‍යතාවයක් බවයි.
මේ අතර පක්ෂයේ විනය නීති රීතිවලට පටහැනිව කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කළ බවද වාර්තා වේ.



