
IOC සහ Sinopecත් ඉන්ධන මිලත් ඉහළ දමයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව, ලංකා IOC සහ Sinopec සමාගම්ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
Sinopec සමාගම සුපර් ඩීසල් මිලෙහි වෙනසක් සිදුකර නොමැති අතර, එම සමාගම සුපර් ඩීසල් ලීටරයක් තවදුරටත් රුපියල් 600ක මිලකට අලෙවි කරයි.
CPC නිවේදනයට අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 434කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ ගොස් රුපියල් 495ක් දක්වා සංශෝධනය වී ඇත.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් වැඩි කර රුපියල් 407ක් ලෙසත්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා රුපියල් 478ක් ලෙසත් නියම කර තිබේ.
භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 285ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.



