
IMF සමග යළි ගිවිසුම්ගත වීමේ වැඩි ඉඩක් – මුදල් නියෝජ්‍ය ඇමති
IMF සමග යළි ගිවිසුම්ගත වීමේ වැඩි ඉඩක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.
IMF සමග යළි ගිවිසුම්ගත වීමේ වැඩි ඉඩක් ගැන අනිල් ජයන්ත හෙළි කරයි
ඊයේ (12) රාත්‍රියේ විකාශය වූ විශේෂ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී තවත් වැඩසටහනකට එක්වීමේ අවශ්‍යතාව සහ මෙරට විදේශ සංචිතවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, කැබිනට් මණ්ඩලය විසින් පත් කළ අදාළ කමිටුව මෙතෙක් රැස්වී නොමැති බවයි. දැනට පවතින ආර්ථික තත්ත්වය සහ ඉදිරි අභියෝග පිළිබඳව අධ්‍යයනය කිරීම එම කමිටුවේ ප්‍රධාන වගකීමක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 17 වැනි වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව රට ඉදිරියට ගෙන යාම සඳහා ගත යුතු සුදුසු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පෙර පැවති වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීම වුවද, ඉදිරි අදියරේදී රටේ ආර්ථිකය තවත් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලිය යුතු බවද ඔහු පැවසීය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමඟ ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව කමිටුව අධ්‍යයනය කරනු ඇත.
එම අධ්‍යයනයෙන් අනතුරුව සුදුසු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම කැබිනට් මණ්ඩලයට පැවරෙන බවද අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර, ශ්‍රී ලංකාව තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමඟ ගිවිසුම්ගත වීමේ හැකියාව පිළිබඳව වැඩසටහනේදී කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි පියවරක් ගැනීමේ සම්භාවිතාවක් පවතින බවයි.



