
උණුසුම් පුවත්
GMOA සමඟ සාකච්ඡා නවතයි – සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෛද්‍ය වැඩවර්ජනය අසාධාරණයැයි කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමඟ අද (09) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර ඇත.
අද පාර්ලිමේන්තුවේදී වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වර්තමාන තත්ත්වය යටතේ එම සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට තමන් සූදානම් නොවන බවයි.
“මෙවැනි ආකාරයෙන් හැසිරෙනවා නම්, අද ලබාදුන් සාකච්ඡාව තවදුරටත් සිදු කරන්නේ නැහැ. මේ වැඩවර්ජනය අසාධාරණයි. රජයක් ලෙස අපි එයට මුහුණදීමට සූදානම්,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වෛද්‍යවරුන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් රජය දැඩි ස්ථාවරයක සිටින බවද අමාත්‍යවරයා ඉඟි කළේය.



