
GMOA වෛද්‍ය විරෝධතාව අද (10) කොළඹදී – දහස් සංඛ්‍යාත වෛද්‍යවරුන් එක්වෙයි
GMOA වෛද්‍ය විරෝධතාව අද (10) කොළඹදී පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව එම සංගමය පවසයි.
GMOA වෛද්‍ය විරෝධතාව අතරතුර රෝහල් සේවා සාමාන්‍ය පරිදි
වෛද්‍යවරුන්ගේ දීමනා සම්බන්ධ ගැටලු සහ වැටුප් කප්පාදුව ඇතුළු කරුණු සඳහා ඉදිරි අයවැයෙන් විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික් ශාඛා සමිති නියෝජනය කරමින් වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද මෙම විරෝධතාව පැවැත්වෙන්නේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදීය.
මේ සඳහා දහස් සංඛ්‍යාත වෛද්‍ය නියෝජිතයින් පිරිසක් කොළඹට පැමිණීමට සූදානම්ව සිටින බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, මෙම විරෝධතාව වැඩවර්ජනයක් නොවන බවත්, දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය.
එළැඹෙන අයවැය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තුවක් පවතින බවත්, නොවැම්බර් 12 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලුවලට සාධනීය විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද දිනයේ දිවයින පුරා විරෝධතා පැවැත්වීමට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයද කටයුතු යොදා තිබේ.
ඉදිරි අයවැයෙන් සෞඛ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ සඳහන් කළහ.



