
අද (10) දින මි.මී. 100 ඉක්මවූ තද වැසි – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක්
අද (10) දින මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බැවින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අද (10) දින මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි ප්‍රදේශ සහ කාලගුණ අනතුරු ඇඟවීම
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒවායින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



