අධ්‍යාපන

ගුරු විද්‍යාල අවසාන විභාගය හෙට ඇරඹෙයි

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළ ගුරු විද්‍යාල අවසාන විභාගය හෙට (11) ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළත් මෙම විභාගය ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා විභාග මධ්‍යස්ථාන තුනක් සූදානම් කර ඇති බව සඳහන්ය.

විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වනවිට අදාළ ගුරු විද්‍යාල වෙත තැපැල් මාර්ගයෙන් යොමු කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේද ලබාගැනීමේ පහසුකම සලසා ඇති අතර, ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk ට පිවිස බාගත කරගත හැකිය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button