සෞඛ්‍යය

සෑම දිස්ත්‍රික්කයකටම සෞඛ්‍ය සම්බන්ධීකරණ මන්ත්‍රීවරු

මෙරට සෞඛ්‍ය සේවා ජනතාවට වඩාත් කාර්යක්ෂම හා සමීපව ලබාදීම අරමුණු කරගනිමින් දිස්ත්‍රික් මට්ටමේ සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණ දුර්වලතා අවම කරමින්, රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව සංවිධානය කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, පසුගිය ක්‍රමවේදය යටතේ ප්‍රාදේශීය සෞඛ්‍ය ගැටලු හඳුනාගෙන ජාතික සැලසුම්වලට ඇතුළත් කිරීමේදී ප්‍රායෝගික බාධා මතුව තිබීම හේතුවෙන් මෙම නව පත්කිරීම් සිදුකරන බවයි.

නව සම්බන්ධීකරණ නිලධාරීන්ට දිස්ත්‍රික් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතා හඳුනා ගැනීම, ඒවා ප්‍රමුඛතා අනුව සකස් කිරීම, ජාතික හා පළාත් සෞඛ්‍ය සැලසුම් සමඟ ඒකාබද්ධ කිරීම, සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම සහ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම ඇතුළු වගකීම් පැවරීමට යෝජනා කර ඇත.

මෙම නව ක්‍රමවේදය හරහා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජනතාවට වඩාත් විශ්වාසනීය හා පහසු සෞඛ්‍ය සේවාවක් ලබාදීම අපේක්ෂිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button