උණුසුම් පුවත්

පාන් මිල ඉහළට – බේකරි නිෂ්පාදන මිලත් රු. 5කින් වැඩි වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළට දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩි කිරීමට නියමිත බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

පාන් මිල ඉහළට දැමීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම මිල සංශෝධනය යටතේ පාන් මිල පමණක් නොව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, සියලුම බේකරි නිෂ්පාදන සඳහා මෙම මිල වැඩි කිරීම බලපැවැත්වෙන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button