
ව්‍යාපාරික
බොරතෙල් මිල යළිත් ඉහළට – WTI සහ බ්‍රෙන්ට් මිල සියයට 1.35ක වර්ධනයක්
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.38ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පෙර මිලට සාපේක්ෂව සියයට 1.35ක වර්ධනයකි.
මෙලෙස බොරතෙල් මිල යළිත් ඉහළ යාමත් සමඟ WTI සහ බ්‍රෙන්ට් මිල ගණන් වෙනස් වෙයි
එමෙන්ම, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 116.54ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි වැඩිවීම සියයට 1.44කි.
කෙසේ වෙතත්, Murban බොරතෙල් මිලෙහි සුළු පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව එහි බැරලයක මිල ඩොලර් 114.76ක් ලෙස සටහන් වී ඇති අතර, එය සියයට 0.39ක අඩුවීමකි.



