
සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම්
සෞඛ්‍ය තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
මෙරට සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව සෞඛ්‍ය තාක්ෂණික මෙවලම් හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
ඉන්දියාවේ ජෛව තාක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ නියෝජිතයින් පිරිසක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සෞඛ්‍ය තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවී තිබේ.
විශේෂයෙන්ම මෙරට වෛද්‍ය පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රය ශක්තිමත් කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
එමෙන්ම වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්රයට ප්‍රධාන අභියෝගයක් වී ඇති බෝ නොවන රෝග කල්තියා හඳුනාගැනීම, පාලනය සහ ප්‍රතිකාර සේවා තවදුරටත් බලගැන්වීම සඳහා තාක්ෂණික මෙවලම් යොදාගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුකර තිබේ.
ඒ අනුව නව තාක්ෂණික දැනුම හා මෙවලම් මෙරට සෞඛ්‍ය සේවාවට එක්කර ගැනීම තුළින් වෛද්‍ය පර්යේෂණ මෙන්ම රෝග හඳුනාගැනීම හා ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු වී ඇත.



