උණුසුම් පුවත්

චාමර සම්පත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විධිමත් ක්‍රමවේදයකින් තොරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවස්ථාව සලසා දීම සහ ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

චාමර සම්පත් මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සේවය කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව ද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button