උණුසුම් පුවත්

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට

වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා ඒ බව තහවුරු කර ඇත.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 07 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අවස්ථාවේදී ද ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව, ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button