
උණුසුම් පුවත්
යෝෂිත රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ආරම්භ වෙයි
යෝෂිත රාජපක්ෂගේ නඩුවට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය අද (30) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩුවේ සාක්ෂි විභාගය මේ වනවිට පැවැත්වෙයි.
යෝෂිත රාජපක්ෂගේ නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙන අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි විමසීම සිදුකෙරේ.
රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් පහක් මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
එම ඉඩම් මිලදී ගැනීම හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.



